ලකුණු 40 ක ජයකින් තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

Date:

බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(18) අලුයම සමත් වුණා.

ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ තෙවැනි දිනයේ දී තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 263 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 222 ක් පමණයි.

ගුඩකේෂ් මෝති ලකුණු 45 ක්, කවෙම් හොඩ්ජ් ලකුණු 29 හා ජොෂුවා ද සිල්වා ලකුණු 27 ක් රැස් කළ අතර, නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් හා ජොමෙල් වොරිකන් (නොදැවී) ලකුණු 25 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් ලකුණු 37 කට කඩුලු 3 ක් ද, කාගිසෝ රබාඩා ලකුණු 50 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 160 කට දැවී ගිය අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලබා ගත්තේ ලකුණු 144 ක් පමණයි.

අනතුරුව දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 246 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...