අතුරුදන් වූ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියා ඉල්ලා අස් වීමට සූදානම්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදනමින් සිටින බව එරට ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් පවසනවා.

ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා රජයට සහයෝගය ලබා දීමේ අරමුණින් ඔහු එම තීරණය ගෙන ඇති බව සදහන්.

බංග්ලාදේශය තුළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සමග ඇති වූ කලහකාරී තත්ත්වයන් හමුවේ පසුගිය දිනවලදී බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියා අතුරුදන්ව සිටි අතර, ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර සිය බිරිද සමග සැගව සිටින බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

සභාපතිවරයා පමණක් නොව දේශපාලන සම්බන්ධතා සහිත එරට ක්‍රිකට් ආයතනයේ තවත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙකු ද පසුගිය 5 වැනිදා සිට අතුරුදන්ව සිටිනවා.

නස්මුල් හසාන් මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ සිය සිව්වැනි ධූර කාලය සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...