නවසීලන්තයට ඓතිහාසික ජයක් ලබා දුන් නායකයා මියයයි

Date:

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ජෝන් රෙයිඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිලිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියයන විට 92 වන වියේ පසු වුණා.

නවසීලන්තය නියෝජනය කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ජෝන් රෙයිඩ් 1959 වසරේ දී විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුණා.

1956 වසරේ දී නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් ඉතිහාසයේ තම පළමු ජයග්‍රහනය වාර්තා කරන අවස්ථාවේ දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ජෝන් රෙයිඩ්.(බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව)

ටෙස්ට් වරම් හිමි වූ 1930 වසරේ සිට වසර 26ක් පුරා ලැබූ පරාජයන්ගෙන් අනතුරුවයි නවසීලන්ත කණ්ඩායම එම ජයග්‍රහනය වාර්තා කළේ.

අදාළ තරගයේ පළමු ඉනිමේ දී නායක ජෝන් රෙයිඩ් ලකුණු 84ක් රැස් කළා.

ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 58න් තරග 34ක දී ම කණ්ඩායමේ නායකයා ලෙස ද ජෝන් රෙයිඩ් කටයුතු කර තිබුණා.

ක්‍රීඩා පිටියෙන් සමු ගැනීමෙන් පසුව ඔහු ටෙස්ට් තරග 50කදී සහ එක්දින තරග 98කදී අයි.සී.සී තරග තීරකවරයෙකු ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...