පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 139 කට දැවී යයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගය අද(14) ‌වොස්ටර් හී දී ‌ආරම්භ වුණා.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වයත් සමග ක්‍රීඩාංගනයේ පැවැති තෙත සහිත තත්ත්වය හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලබා දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා නිශාන් මදුෂංක ලකුණු 36 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. දිමුත් ලකුණු 26 කටත්, මදුෂ්ක ලකුණු 11 කටත් දැවී ගියා.

කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 12 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 11 ක් පමණයි.

නායක ධනංජය ද සිල්වා ලකුණු දෙකකට හා සධීර සමරවික්‍රම ලකුණු 8කට දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 20 ක් මිලාන් රත්නායක ලකුණු 17 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Zaman Akhter ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගත් අතර, Josh Hull ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...