එංගලන්ත සංචාරයට පාකිස්තානය එකග වෙයි

Date:

ජූලි මාසයේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පල කර තිබෙනවා.

ඒ, ටෙස්ට් තරග 3කට සහ 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීම සදහායි.

දෙරටේ ක්‍රිකට් ආයතන අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී පාකිස්තානය විසින් මෙම අනුමැතිය ලබා දී ඇති අතර, සියලු තරග ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ පැවැත්විය යුතු බවට ද තීන්දු වී ඇති බව සදහන්.

ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව සියලු තරග පැවැත්වීමට නියමිතයි.

සියලු තරග, නවාතැන් ගන්නා හෝටල් කාමර ද සහිත ක්‍රීඩාංගනවල දී පැවැත්වෙනු ඇති.

ජූලි මාසයේ පළමු සතියේ දී ක්‍රීඩකයින් 25 දෙනෙකු එංගලන්තය බලා පිටත්ව යන බවත්, ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසුව තරග ආරම්භ කරන බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කියා සිටියා.

යම් ක්‍රීඩකයෙකු මෙම තරග සංචාරය සදහා එක්වීමට අකමැත්තක් දක්වන්නේනම් ඔවුන්ට ඒ සදහා කිසිදු බල කිරීමක් සිදු නොකරන බව සදහන්.

එමෙන්ම එම ක්‍රීඩකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බවයි එරට ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...