කමිදු හා වැන්ඩර්සේ ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

එංගලන්ත තරග සංචාරය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින කමිදු මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩර්සේ හෙට(15) දිනයේ දී එංගලන්තය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් පසුගිය 11 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගිය නමුත්, කමිදුගේ හා වැන්ඩර්සේගේ වීසා බලපත්‍ර ඒ වන විට ලැබී නොතිබූ බැවින් ඔවුන් දෙදෙනාට එදින එංගලන්තය බලා පිටත්ව යාමට නොහැකි වුණා.

කෙසේ වෙතත්, මේ වන විට එම ගැටලුව විසදී ඇති බැවින් ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමේ අරමුණින් හෙට දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

මෙම වීසා ගැටලුව හේතුවෙන් ඔවුන් දෙදෙනාට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගින් අද ආරම්භ වන සිව්දින පුහුණු තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...