ගැබීගේ ශතකය හමුවේ ශ්‍රී ලංකාව දෙවැනි තරගය පරදියි

Date:

ගැබී ලුවිස් වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු හතක තියුණු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.

ඩබ්ලින් නුවර පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 173 ක් ලබා ගනිමින්.

ගැබී ලුවිස් පන්දු 75 කින් ලකුණු 119 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 17 ක් සමගින්. Orla Prendergast ලකුණු 38(31) යි.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා ශශිනි ගිම්හානි කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 65(44) ක් හා කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 51(48) ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ නමුත්, එය ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Freya Sargent හා Orla Prendergast කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...