T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය රැක ගන්න බංග්ලාදේශය එක්සත් ජාතීන් හමුවට

Date:

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත එළඹෙන කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක අයිතිය රදවා ගැනීම සදහා බංග්ලාදේශ රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සිය අවසන් උත්සාහය ද දැරීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ තරුණ හා ක්‍රීඩා උපදේශක අසිෆ් මහ්මුද් සදහන් කර ඇත්තේ මේ වන විට බංග්ලාදේශයේ සංචාරය කිරීම සදහා සීමා පනවා ඇති අනෙකුත් රටවල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා සිදු කරන බවයි.

මේ වන විට බංග්ලාදේශයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය, බ්‍රිතාන්‍ය රජය (එංගලන්තය හා ස්කොට්ලන්තය), ඉන්දියාව හා නවසීලන්තය යන රටවල් බංග්ලාදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සිය පුරවැසියන්ට සීමා පැනවීම් සිදු කර තිබෙනවා.

රටවල් රැසක් මෙලෙස සිය පුරවැසියන්ට බංග්ලාදේශයේ සංචාරය කිරීමට සීමා පැනවීම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සිය රටේ පැවැත්වීමට ඇති ප්‍රධානම බාධකය ලෙසයි බංග්ලාදේශය සලකනු ලබන්නේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ද තරගාවලියට ක්‍රීඩා කරන සියලු රටවල්වල ක්‍රිකට් ආයතන වෙත පසුගියදා දැනුම් දී තිබුණේ බංග්ලාදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින බවයි.

එමෙන්ම තරගාවලිය වෙනත් රටක පැවැත්වීම සම්බන්ධයෙන් ද සලකා බැලෙනු ඇති.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන නස්මුල් හසාන් මෙන්ම සෘජු හෝ වක්‍ර දේශපාලන සම්බන්ධතා ඇති ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරු රැසක් ද අගෝස්තු 5 වැනිදා එරට පැවැති ආණ්ඩුව බිද වැටීමෙන් පසුව අතුරුදන්ව තිබීම ද බංග්ලාදේශය මේ වන විට මුහුණ දී සිටින තවත් ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහනට අනුව තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා මීර්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...