රහීම් හා ටස්කින් ටෙස්ට් සංචිතයට කැදවයි

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මුෂ්ෆිකර් රහීම් හා ටස්කින් අහ්මඩ් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, පිතිකරු ශහඩාට් හොසේන් සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ ‌ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් රහීම්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, උරහිසක පැවැති ආබාධයක් හේතුවෙන් ටස්කින් තාවකාලිකව ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටියා.

ටස්කින් අහ්මඩ් ‌ටෙස්ට් සංචිතයට නම් කර ඇතත්, ඔහු දෙවැනි ටෙස්ට් තරගය සදහා පමණක් වන තේරීම් වෙනුවෙන් සලකා බැලීමට සිදු වනු ඇති.

පාකිස්තාන – බංග්ලාදේශ තරග ‌දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 21 වැනිදා රාවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh Test squad:

Najmul Hossain Shanto (C), Mahmudul Hasan Joy, Zakir Hasan, Shadman Islam, Mominul Haque, Mushfiqur Rahim, Shakib Al Hasan, Litton Das, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Nahid Rana, Shoriful Islam, Hasan Mahmud, Taskin Ahmed, Khaled Ahmed

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...