මාසයේ ICC ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජූලි මාසයට අදාළ මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ, ඇය විසින් එම සම්මානය පසුගිය මැයි මාසයේ දී ද දිනා ගත් පසුබිමකයි.

චමරිට අමතරව ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා හා ශෆාලි වෙර්මා ද මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබුණා.

34 හැවිරිදි චමරි විසින් මාසයේ ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබූ තෙවැනි අවස්ථාව මෙයයි.

එම සම්මානය මෙතෙක් වැඩිම වරක් දිනා ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ Ashleigh Gardner. ඇය සිව්වරක් එම සම්මානය දිනා ගෙන ඇති අතර, කොදෙව් ක්‍රීඩිකා Hayley Matthews ‌ද තෙවරක් එම සම්මානයෙන් පිදුම් ලැබුවා.

පසුගිය මාසයේ දී චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු ශූරයින් බවට පත් වූ අතර, එම තරගාවලියේ දී ඇය පිතිකරණයෙන් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ද සමත් වුණා.

මේ අතර, ජූලි මාසයට අදාළ මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් මෙවර පිදුම් ලබා ඇත්‌තේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...