ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තානය හා ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා මාස 18 කට පසුව මයිකල් බ්‍රේස්වෙල් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Will O’Rourke හා Ben Sears පළමු වරට විදෙස් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

සංචිතය සදහා දග පන්දු යැවිය හැකි ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රේස්වෙල් හා ග්ලේන් පිලිප්ස් සමග මිචෙල් සැන්ට්නර්, අජාස් පටෙල් හා රචින් රවීන්ද්‍ර සංචිතයට නම් කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඩෙවෝන් කොන්වේ, ටොම් ලේතම්, කේන් විලියම්සන්, රචින් රවීන්ද්‍ර හා ඩැරල් මිචෙල් පිතිකරණ බලඇණිය ශක්තිමත් කරන අතර,  ටොම් බ්ලන්ඩල් කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරනවා. අතිරේක පිතිකරුවෙකු අවශ්‍ය වුවහොත් විල් යන්ග් සංචිතයේ රැදී සිටිනවා.

නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය අතර ටෙස්ට් තරගය ඉන්දියාවේ Noida හී දී සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙක සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

New Zealand Test squad to face Afghanistan and Sri Lanka

Tim Southee (capt), Tom Blundell, Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Will O’Rourke, Ajaz Patel, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ben Sears, Kane Williamson, Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...