අමිහිරි පරාජයෙන් පසු අසලංකගෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට පොරොන්දුවක්

Date:

තමා ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවන් නිවැරැදි පහරවල් තෝරා බේරා ගනිමින් එල්ල නොකිරීම ඉන්දියාව සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගයේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් සුපිරි පන්දුවාරයේ දී අමිහිරි පරාජයකට මුහුණ දීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

පළමු තරග දෙකේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මැද පෙල කඩා වැටීමක් සිදු වූ අතර, ඒ අනුව මැද පෙල හා පසුපෙල කඩුලු 7 ක් ලකුණු 22 ක් තුළ දැවී ගියේ පන්දු 25 ක් තුළදීයි. ඒ අනුව අවසන් පන්දු 24 තුළ දී කඩුලු 8 ක් අතැතිව ශ්‍රී ලංකාවට ලබා ගත යුතු වූ ලකුණු 23 ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. අවසන් පන්දුවාර දෙකේ දී ද තරගය ජය ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 9 ක් පමණයි.

ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකු වන රින්කු සිං හා නායක සූර්යකුමාර් යාදව් අවසන් පන්දුවාර දෙක යොමු කළ පසුබිමකයි ශ්‍රී ලංකාවට කඩුලු 4 ක් දැවී ගොස් එම ලකුණු 9 රැස් කිරීමට නොහැකි වුණේ.

“හේතුව නරක ශොට් සිලෙක්ෂන්ස්. අද තරගයෙත් කළින් තරගවල වගේම. ඔව්, අමාරු කාලයක් මම පිළිගන්නවා මම නායකයා විදිහට පළමු තරගාවලිය අසාර්ථකයි.” යනුවෙන් අසලංක කියා සිටියා.

“ගොඩක් කණගාටුයි. ප්‍රේක්ෂකයින්ට වගේම මටත්, කණ්ඩායමටත් ඇත්තටම ගොඩක්ම කනගාටුයි. අපි ප්‍රේක්ෂකයෝ ‌නැවතත් කනාගටුවට පත් කරා. මම හිතනවා අපි මීට වඩා හොද වෙන්න ඔනේ කියලා මේ ලෙවල් එකේ ක්‍රීඩා කරනවානම්. මම කණ්ඩායමත් සමගත් කතා කරනවා. අපි නැවතත් පෙන්නුවා අපි හොදම මට්ටමේ කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්න තව දියුණු වෙන්න ඔනේ කියලා.”

“මම නායකයා විදිහට මට දෙන්න පුලුවන් පොරොන්දුව තමයි (ප්‍රේක්ෂකයින්ට) ඉදිරි තරගවලත්, ඉදිරි තරගාවලිවලත් මම නායකයා (විදිහට) ඉන්නකම් දියුණුවීමක් ගන්න (බලාපොරොත්තුවෙනවා.) මම ක්‍රීඩකයින්ගෙන් කොහොම හරි වැඩේ ගන්න මම ගොඩක් උත්සාහ කරනවා.”

නායකයා විදිහට මම හිතන්නේ මගේ මෝටිවේෂන් ‌එක මම ආයෙමත් කණ්ඩායම හොද තැනකට ගෙනල්ලා කණ්ඩායමත් එක්ක තරග දිනලා ප්‍රේක්ෂකයින්ට හොද ශ්‍රී ලංකා ක්‍රිකට් එකක් දෙනවා.”

ක්‍රීඩකයින් ඉදිරියේ දී හොදින් පුහුණුවීම් සිදු කළ යුුතු බවත්, මානසිකත්වය හොදින් දියුණු කර ගත යුතු බවත් චරිත් මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර, වනිදු හසරංග අංක 4 පිතිකරු ලෙස මෙම තරගයේ දී පිටියට පිවිසි අතර, ඔහු ලකුණු 3 ක් ලබා සිටියදී දැවැන්ත පහරක් එල්ල කිරීමට ගොස් දැවී යාම ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමේ ආරම්භය සනිටුහන් කළා.

“ඒ වෙලාවේ පිට දග පන්දු යවන්නෙක් පන්දු යවමින් හිටියේ. අපි දන්නවා වමත් පිතිකරුවන් දෙදෙනෙක් ආවට පස්සේ පිට දග පන්දු යවන්නන්ට තවත් පන්දු යවන්න ලේසියි මේ වගේ පිච්වල.” යනුවෙන් අසලංක කියා සිටියා.

“අපි මුල ඉදන්ම දකුණත් වමත් කම්බිනේෂන් එක යන්න තමයි අද සැලසුම් කරන් හිටියේ මේ පිච් එකේ ටර්න් එක නිසා. ඒක තමයි වොෂින්ටන් සුන්දර් බෝල් කරන වෙලාවේ මමත් කෝචුත් තීරණය කරලා දකුණත් පිතිකරුවෙකු යැව්වේ. අපි වනිදුට අවසරය දීලා යැව්වේ… වනිදුගෙන් ඒ වෙලාවේ බවුන්ඩ්‍රියක් ආවනම් ගැප් එක තවත් අඩු වෙනවා. ඒ වෙලාවේ ඒක වැඩ කරේ නෑ. නමුත් වනිදුගෙන් පස්සෙත් අපිට පිතිකරුවන් 4 දෙනෙක් හිටියා. අපිට විකට් ගොඩක් අතේ තිබ්බ නිසා තමයි මම එක විකට් එකක් එහෙම යැව්වේ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...