Watch : දැවැන්ත හයේ පහරකින් පසු ආසන්න ඉඩමකට ඇදී ගිය පන්දුවට වුණ දේ

Date:

ඉන්දියාවේ පැවැත්වෙන තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ අපූර්ව සිදු වීමක් තරගාවලියේ 27 වැනි තරගය අතරතුර දී දැක ගත හැකි වුණා.

Chepauk Super Gillies කණ්ඩායම හා Siechem Madurai Panthers කණ්ඩායම අතර Dindigul හී දී පැවැති තරගයේ දී යි මෙම අපූර්ව සිදු වීම දැක ගත හැකි වුණේ.

තරගය අතරතුර දී Siechem Madurai Panthers කණ්ඩායමේ වමත් පිතිකරුවෙකු විසින් පන්දුව පිටියෙන් ඉවතට විසි වන ආකාරයෙන් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත් වුණා.

අනතුරුව පන්දුව ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි ඉඩමක් වෙත ඇදී ගිය අතර, එම ඉඩමේ රැදී සිටි පුද්ගලයෙකු විසින් අදාළ පන්දුව සිය භාරයට ගැනීම කැපී පෙනුණා.

පන්දුව ආපසු ලබා දෙන ලෙසට බොහෝ දෙනෙකු ඉල්ලීම් සිදු කළ නමුත්, එය ලබා දීම ප්‍රතික්ෂේප කළ අදාළ පුද්ගලයා ඔවුන්ට බැන වදින ආකාරයක් ද දැක ගත හැකි වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...