Women’s T20I Rankings : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ඉදිරියට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නවතම කාන්තා පන්දුවාර විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අද(30) නිවේදනය කළා.

ඊට අනුව නිමා වූ ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 කාන්තා තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

තරගාවලියේ දී ලකුණු 304 ක් රැස් කරමින් සාමාන්‍ය 101 ක් ලෙස සටහන් කර ගත් චමරි අතපත්තු නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

චමරිට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 705 ක් හිමිව ඇති අතර, එය ඇය විසින් ලබා ගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයයි.

ඇය ආසියානු කුසලාන තරගවලියේ දී දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරවරිය සම්මානයෙන් ද පිදුම් ලැබුවා. පසුගිය කාලයේ දී තමන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බවට ඉගි පල කර සිටියද, ආසියානු කුසලානයෙන් පසුව චමරි තහවුරු කර සිටියේ තමන් 2025 එක්දින කාන්තා ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

මේ අතර, ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කළ හර්ෂිතා සමරවික්‍රම ද පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා පිතිකාරිණියන් අතර එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ 4 වැනි ස්ථානය දක්වායි.

මේ අතර, පන්දු යවන්නියන් අතර උදේශිකා ප්‍රබෝදනී 24 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ද, සුගන්දිකා කුමාරි 27 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද, කවීෂා දිල්හාරි සම 30 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඉනෝෂි ප්‍රියදර්ශනී 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති බව සදහන්.

තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර ද කවීෂා 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 10 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. චමරි අතපත්තු එහි රැදී සිටින්නේ 5 වැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...