ENG vs WI : එංගලන්තය ලකුණු 244 ක් පිටුපසින්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) බර්මිංහැම්හී දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටියා.

ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 282 ට පිළිතුරු වශයෙන්.

කොදෙව් ඉනිම වෙනුවෙන් නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 61 ක්, ජේසන් හෝල්ඩර් ලකුණු 59 ක් හා ජොෂුවා ද සිල්වා ලකුණු 49 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් ලකුණු 67 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් ලකුණු 69 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු එංගලන්ත ඉනිම වෙනුවෙන් සැක් ක්‍රව්ලි ලකුණු 18 ක් ලබා ගත් අතර, බෙන් ඩකට් ලකුණු 3 කටත්, මාර්ක් වුඩ් ලකුණු නොලබාත් දැවී ගියා. ඔලී පෝප් නොදැවී ලකුණු 6ක් හා ජෝ රූට් නොදැවී ලකුණු දෙකක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු දෙකක් හා අල්සාරි ජෝසප් කඩුල්ලක් බිද හෙලුවා.

මේ වන විට එංගලන්තය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 244 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...