Women’s Asia Cup : චමරි හා අනුෂ්කා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට රැගෙන යයි

Date:

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 140 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව එළඹෙන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව, ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම රැස් කළේ ලකුණු 12 ක් පමණයි.

කෙසේ වෙතත්, චමරි අතපත්තු සිය කණ්ඩායම අවසන් මහා තරගය රැගෙන යාමේ වගකීම සිය කරමතට ගනිමින් පන්දු 48 කින් ලකුණු 63 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින්.

ඇයට මනා සහයෝගයක් ලබා දුන් කවීෂා දිල්හාරි ලකුණු 17(18) ක් හා අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24(22) ක් රැස් කරමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට රැගෙන යාමට සමත් වුණා.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න…

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...