Women’s Asia Cup : 9 වැනි වරටත් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Date:

2024 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ, දඹුල්ලේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 80 ක් පමණයි.

නායිකා Nigar Sultana නොදැවී ලකුණු 32 ක් රැස් කළ අතර, Shorna Akter නොදැවී ලකුණු 19 ක් ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Renuka Singh ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Radha Yadav ලකුණු 14 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 11 ක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Smriti Mandhana පන්දු 39 කින් නොදැවී ලකුණු 55 ක් ලබා ගත් අතර, Shafali Verma නොදැවී ලකුණු 26(28) යි.

ඒ අනුව ඉන්දියාව මෙතෙක් පවත්වා ඇති ආසියානු කුසලාන කාන්තා තරගාවලි සියල්ලෙහිම (9) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...