නුවන් තුෂාර ඉන්දීය තරගාවලියෙන් ඉවතට

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සිදු කළ පන්දු රැකීමේ පුහුණුවීම් අතරතුර දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ අස්ථි බිදී යාමක් ‍හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක සංචිතයට ආදේශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මීට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ද එළඹෙන ඉන්දීය තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගත්තේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...