රෂීඩ් ඛාන් එක් පන්දුවකින් දෙආකාරයකට දැවී ගිය හැටි

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් යනු 20යි 20 පිටියේ පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම රැදී සිටින පන්දු යවන්නෙකු බව නොරහසක්.

පන්දු යැවීමෙන් පමණක් නොව පන්දු රැකීමෙන් ද කණ්ඩායමට ඔහු දක්වන දායකත්වය සුළුපටු නොවේ.

එමෙන්ම ඇතැම් අවස්ථාවල මෙම විශිෂ්ඨ පන්දු යවන්නා පිත්තෙන් ද දක්ෂතා දැක් වූ අවස්ථා අපට මතකය.

කෙසේ වෙතත්, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී නම් ඔහුගේ පිතිකරණ දක්ෂතා දැක ගැනිමට මෙතෙක් ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

නමුත්, ඊයේ(13) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ රෂීඩ් ඛාන් පිතිකරණයේ නිරත වී සිටියදී ඔහු දැවී ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, ඔහු ක්‍රිකට් පිටියේ කලාතුරකින් දක්නට ලැබෙන දැවී යාමේ ක්‍රමයක් වන හිට් විකට් දැවී යාමකට හසු විම හේතුවෙන්.

මෙහි විශේෂත්වය වන්නේ ඔහු හිට් විකට් දැවීයාමේ ක්‍රමවේදයට හසුව දැවී ගිය බවට සුලු වේලාවක් ගත වන තුරු බොහෝ දෙනෙකු නොදෙන සිටීමයි.

ඊට හේතු වූයේ රෂීඩ් ඛාන් එම  පන්දුව සදහා දැවැන්ත පහරක් එල්ල කිරීමෙන් පසුව හතරේ සීමාව ආසන්නයේ දී උඩ පන්දුවක් ලෙස පන්දු රකින්නෙකු එය රැක ගැනීමට ද සමත් වීමයි.

ඒ අනුව ඔහු එම පන්දුවේ දී ආකාර දෙකකට දැවී ගිය නමුත්, නීති රීති ප්‍රකාරව ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස සැලකෙන්නේ පළමුව දැවී ගිය ආකාරය වන හිට් විකට් දැවී යාමයි.

ඊට අදාළ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...