Watch : මාර්වල්ස් ප්‍රබල ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගිය භානුකගේ 82(34)

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ගෝල් මාර්වල්ස් කණ්ඩායම ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට භානුක රාජපක්ෂ අද(21) සමත් වුණා.

ගෝල් මාර්වල්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය අද රාත්‍රී 7:30 ට ආරම්භ වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් පිල පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව මාර්වල්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ගෝල් මාර්වල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.

පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ඔවුන් ලබා සිටියේ කඩුලු2 ක් දැවී ලකුණු 21 ක් පමණයි.

කෙසේ වෙතත්, අනතුරුව සටන්කාමී හා වේගවත් පිතිහරඹයක නිරත වීමට ටිම් සයිෆර්ට් හා භානුක රාජපක්ෂ සමත් වුණා.

සයිෆර්ට් පන්දු 37 කින් ලකුණු 47 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්.

භානුක පන්දු 34 ක් පමණක් වැය කරමින් ලකුණු 82 ක් ලබා ගැනීම කැපී පෙනුණා. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 8ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...