වසර දෙකකට පසු රෆායල් නඩාල් අවසන් පූර්ව තරගයකට

Date:

ස්විඩන් විවෘත ටෙනිස් තරගාවලියේ (Nordea Open) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණා.

ඒ, ආර්ජන්ටිනාවේ Mariano Navone තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්. ලකුණු සටහන දැක් වුණේ 6-7 (2), 7-5, 7-5 ක් ලෙසයි.

රෆායල් නඩාල් මෙලෙස ටෙනිස් තරගාවලියක අවසන් පූර්ව වටයක් සදහා සුදුසුකම් ලබා ගත්තේ වසර දෙකකට පමණ පසුව වීම ද විශේෂත්වයක්.

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමෙන් පසුව 38 හැවිරිදි ඔහු ක්‍රීඩා කරන පළමු තරගාවලිය මෙයයි.

2022 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් පසුව පළමු වරට අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා කරන නඩාල් ක්‍රොඒෂියාවේ Duje Ajdukovic සමගින් අද(20) තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...