ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් දැඩි තීන්දුවක්

Date:

පාකිස්තාන ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු වන ශහීන් ශාහ් අෆ්රිඩි, බාබර් අසාම් හා මොහමඩ් රිස්වාන්ට කැනඩාවේ පැවැත්වීමට නියමිත Global T20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමට (NOCs) පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රීඩකයින් තිදෙනා සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කිරීමට නසීම් ශාහ්ට අවසර ලබා නොදීමට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ දී තීරණය කළ පසුබිමකයි ඔවුන් මෙම ක්‍රීඩකයින් තිදෙනාට ද Global T20 තරගාවලිය සදහා සහභාගී වීමට අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇත්තේ.

නසීම් ශාහ් Birmingham Phoenix කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. ඒ, පවුම් 125,000 ක් වටිනා ගිවිසුමක් යටතේයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.9 ක පමණ වටිනාකමක් සහිත ගිවිසුමක්.

2024 වසරේ අගෝස්තු මාසයේ සිට 2025 වසරේ මාර්තු මාසය දක්වා වන කාලයේ දී පාකිස්තාන කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග 9ක්, ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය මෙන්ම එක්දින තරග 14 ක් හා විස්සයි 20 තරග 9 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම කාර්යය බහුල තරග කාලසටහන සලකා බලා මෙම ක්‍රීඩකයින්ට විදෙස් ලීග් තරග ක්‍රීඩා කිරීම සදහා සීමා පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

“ක්‍රීඩකයින් තිදෙනාම ආකෘති තුනම ක්‍රීඩා කරන අතර ඉදිරි මාස අට තුළ පාකිස්තානයට ඔවුන්ගේ සේවය අවශ්‍යය වනවා.” යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...