Watch : හිමි වූ කඩුලු ත්‍රිත්වය ශඩාබ් ඛාන්ට අහිමි වූ හැටි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී ඉතා අවසනාවන්ත අයුරින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අවස්ථාවක් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන් අතින් අද(14) ගිලිහී ගියා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

කිංග්ස් ඉනිමේ 9 වැනි පන්දුවාරය ශඩාබ් ඛාන් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දෙවැනි හා තෙවැනි පන්දුවලදී පිළිවෙලින් අවිශ්ක ප්‍රනාන්දු හා ෆේබියන් ඇලන් දවා ගැනීමට ශඩාබ් සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි විජයකාන්ත් වියස්කාන්ත් ද පළමු පන්දුවෙන්ම දැවී ගිය පිතිකරුවෙකු ලෙස විනිසුරු විසින් නම් කළේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන්.

එය පැහැදිලිවම දැවී යාමක් ලෙස දක්නට ලැබුණු නමුත්, විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථාවක් ලබා ගනිමින් අදාළ විනිසුරු තීන්දුව අභියෝගයට ලක් කිරීමට වියස්කාන්ත් කටයුතු කළා.

අනතුරුව Ball-Tracking තාක්ෂණය ඔස්සේ කළ නිරීක්ෂණයකදී අනාවරණය වූයේ එය දැවී යාමක් නොවන බවයි. පන්දුව කඩුල්ලට වඩා ඉහළින් ඇදී යන බවයි Ball-Tracking තාක්ෂණය ඔස්සේ දැක ගත හැකි වූයේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...