තීක්ෂණගේ හා හේල්ස්ගේ දක්ෂතා හමුවේ සුපිරි පන්දුවාරයේ දී ගාල්ල ජය ගනියි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 148 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිලට ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

ඒ අනුව ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණු අතර, පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට පන්දු 5 ක් තුළ කඩුලු දෙකම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 6 ක් පමණයි. ඒ, වයිඩ් ලකුණු 3 ක් ද සමගින්. එම පන්දුවාරය මහීෂ් තීක්ෂණ විසින් යොමු කළ අතර, දඹුල්ල වෙනුවෙන් පන්දුවට පහරදුන්නේ මොහමඩ් නබී, රීසා හෙන්ඩ්‍රික්ස් හා චමිදු වික්‍රමසිංහයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් මාර්වල්ස් කණ්ඩායම පන්දු 4 ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා. හේල්ස් පන්දු 3 කින් නොදැවී ලකුණු 11 ක් ලබා ගත් අතර, ඔහු සමග ඉනිම ඇරඹූ සහන් ආරච්චිගේ නොදැවී එක් ලකුණක් ලබා ගත්තා. එම පන්දුවාරය යොමු කළේ නුවන් තුෂාර විසින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් ලකුණු 38(26) ක් හා ටිම් සයිෆර්ට් ලකුණු 23(29) ක් රැස් කළා. ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 16 ක්, සහන් ආරච්චිගේ ලකුණු 15 ක් හා ජනිත් ලියනගේ ලකුණු 13 ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, දුෂාන් හේමන්ත හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 57 කින් ලකුණු 72 ක් ලබා ගැනීමට සමත් වුණා. ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 30(18) ක් ද, මොහමඩ් නබී ලකුණු 25(17) ක් ද රැස් කළා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට දඹුල්ල පිලට ලකුණු 8ක් පමණක් අවශ්‍ය වූ අතර, තීක්ෂණ යොමු කළ එම පන්දුවාරයේ දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 7ක් පමණයි. එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී හෙන්ඩ්‍රික්ස් දැවී ගිය අතර, අවසන් පන්දුවේ දී නබී දුවද්දී දැවී ගියේ ජයග්‍රහනයට අවශ්‍ය වූ අවසන් ලකුණු ලබා ගැනීමට දිව යන අතරතුරයි.

පන්දු යැවීමේ දී තීක්ෂණ ලකුණු 26 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...