විම්බල්ඩන් ශූරතාවය Barbora Krejcikova දිනා ගනියි

Date:

එංගලන්තයේ පැවැති 2024 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට චෙක් ජනරජයේ Barbora Krejcikova අද(13) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයෙන් ඉතාලියේ Jasmine Paolini තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්.

ලකුණු සටහන දැක් වුණේ 6-2 ක්, 2-6 ක් හා 6-4 ක් ලෙසයි.

2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය ද චෙක් ජනරජයේ Marketa Vondrousova දිනා ගත් පසුබිමකයි Barbora Krejcikova මෙවර එම ශූරතාවය දිනා ගත්තේ.

මෙය ඇය විසින් දිනා ගත් දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවයයි. මීට පෙර ඇය 2021 වසරේ දී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය දිනා ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...