බෙහ්රෙන්ඩොර්ෆ්, අසලංක හා ඔමර්සායිගේ දක්ෂතා හමුවේ පන්දුවාර හතේ තරගයේ ජය කිංග්ස් පිලට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ 15 වැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 7කට සීමා වූ අතර, කාසියේ වාසිය දිනූ ජැෆ්නා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

මොහමඩ් හැරිස් පන්දු 13 කින් ලකුණු 30 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 2 ක් සමගින්. දිනේෂ් චන්දිමාල් ලකුණු 21(13) ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 11(8) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් පන්දුවාර දෙකක් තුළ ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු හා අස්මතුල්ලාහ් ඔමර්සායි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් පිල ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 13 ක් තුළ දැවී ගියේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු කැන්ඩි ෆැල්කන්ස් පිලට ලබා දෙමින්. කුසල් මෙන්ඩිස් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙනුත් රයිලි රොසෝව් ලකුණු 6කටත්, පැතුම් නිස්සංක ලකුණු 5කටත් දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව 4 වැනි කඩුල්ල සදහා ලකුණු 41 (13) වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක චරිත් අසලංක හා අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා. අසලංක ලකුණු 26 (9) ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් සමගින්.

ඉනිමේ 5 වැනි පන්දුවාරය වනිදු හසරංග විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ඔහු විසින් චරිත් අසලංක හා ලහිරු සමරකෝන්ගේ (ලකුණු 0) කඩුලු දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත්, එම පන්දුවාරයේ දී හයේ පහර 3 ක් වාර්තා වීම ද විශේෂත්වයක්.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 16(7) යි. අස්මතුල්ලාහ් ඔමර්සායි පන්දු 6 කින් හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 24 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග එක් පන්දුවාරයක් යොමු කර ලකුණු 18 කට කඩුලු 2 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුවාර 2ක් යොමු කර ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...