ඇන්ඩර්සන් වෙනුවට මාර්ක් වුඩ් ටෙස්ට් සංචිතයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් කැදවීමට පියවර ගත් බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගත් ජේම්ස් ඇන්ඩර්සන් වෙනුවට ඔහුව ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා ආදේශ කිරීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා Nottingham හී දී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 114 ක ජයක් වාර්තා කළ එංගලන්තය මේ වන විට තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

England squad for second Test:

Ben Stokes (c), Gus Atkinson, Shoaib Bashir, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Dillon Pennington, Ollie Pope, Matthew Potts, Joe Root, Jamie Smith, Chris Woakes, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...