හේල්ස්, භානුක හා ජයසූරිය ගෝල් මාර්වල්ස් පිලට ජය හිමි කර දෙයි

Date:

ප්‍රභාත් ජයසූරියගේ අනර්ඝ පන්දු යැවීම හා ඇලෙක්ස් හේල්ස්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කිරීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර පිල කඩුලු 9 ක් දැවී ලකුණු 189 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ගෝල් මාර්වල්ස් හඹා යාම ශක්තිමත් කළ ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 86 ක් රැස් කළේ පන්දු 55 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින්. භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 46(26) යි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 25 කටත්, ටිම් සයිෆර්ට් ලකුණු 16 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී වනිදු හසරංග හා ඇන්ඩ්‍රි ෆ්ලෙචර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් අනර්ඝ ඉනිමක් දියත් කළ ෆ්ලෙචර් ලකුණු 69 ක් ලබා ගත්තේ පන්දු 43 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

දිනේෂ් චන්දිමාල් ලකුණු 32(14) ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 29(15) ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 28(14) ක් රැස් කළා. මොහමඩ් හැරිස් ලකුණු 8කටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 4කටත්, දසුන් ශානක ලකුණු 4කටත්, වනිදු හසරංග ලකුණු නොලබාත් දැවී යාම හේතුවෙන් මහනුවර කණ්ඩායමට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නොහැකි වුණා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත්තා. ප්‍රභාත්ගේ පන්දු හමුවේ දැවී ගියේ දිනේෂ් චන්දිමාල්, අන්ඩ්‍රි ෆ්ලෙචර් හා වනිදු හසරංග යන පිතිකරුවන්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...