ඇට්කින්සන්ගේ කඩුලු 7 හමුවේ පළමු දිනයේ සියලු ගෞරව එංගලන්තයට

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(10) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය එංගලන්තය වෙත නතු කරමින්.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් ලකුණු 45 කට කඩුලු 7 ක් දවා ගනිමින් අනර්ඝ පන්දු යැවීමක නිරත වූ අතර, ඔහුගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පළමු ඉනිම ලකුණු 121 කට සීමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 189 ක්. ඒ අනුව එංගලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 68 ක්.

බෙන් ඩකට් ලකුණු 3කට දැවී ගිය අතර, සැක් ක්‍රව්ලි ලකුණු 76 ක් හා ඔලී පෝප් ලකුණු 57 ක් රැස් කළා. නොදැවී පන්දුවට පහර දෙන ජෝ රූට් ලකුණු 15 ක් හා හැරී බෘෘක් ලකුණු 25 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 2 ක් හා ජේසන් හෝල්ඩර් එක් කඩුල්ලක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 27 ක් රැස් කළ Mikyle Louis. Kavem Hodge ලකුණු 24 ක් හා Alick Athanaze ලකුණු 23 ක් ලබා ගත්තා.

සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ජේම්ස් ඇන්ඩර්සන් මෙම ඉනිමේ දී ලකුණු 26 කට කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...