රොසෝව්ගේ වාර්තාගත ශතකය හමුවේ යාපනයට ජය

Date:

රයිලි රොසෝව්ගේ වාර්තාගත ශතකය හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

LPL ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය රැස් කළ රයිලි රොසෝව් පන්දු 50 කින් නොදැවී ලකුණු 108 ක් ලබා ගත්තේ හයේ පහර 6 ක් හා හතරේ පහර 12 ක් සමගින්‍. ඔහු ශතකය වාර්තා කිරීම සදහා වැය කළේ පන්දු 44 ක් පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 35 කින් ලකුණු 58 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ, ටස්කින් අහ්මඩ් හා ශඩාබ් ඛාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූයේ පළමු පිතිකරුවන් තිදෙනා පමණයි. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 27 ක් ලබා ගත් අතර, ඇන්‌ජෙලෝ පෙරේරා ලකුණු 34 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. ඒ, පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් හිස් ආවරණයේ වැදීම නිසා ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන්.

ග්ලේන් පිලිප්ස් පන්දු 32 කින් ලකුණු 58 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභීයා බවට පත් වුණා. ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට කලම්බු ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 147 ක් ලෙසයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ 6 වැනි කඩුල්ල ලකුණු 149 ක් වන විට බිද වැටීම නිසා දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට තිබූ අවස්ථාව ස්ට්‍රයිකර්ස් පිලෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ ද අස්මතුල්ලාහ් ඔමර්සායි හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...