පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රබලයින් දෙදෙනෙකු නෙරපා හරියි

Date:

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු වන වහබ් රියාස් හා අබ්දුල් රසාක් එම තනතුරුවලින් නෙරපා හැරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වූ පසුබිමකයි.

රසාක් මීට සති කිහිපයකට පෙර පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකේම තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් කෙරුණු අතර, ඔහු එම කණ්ඩායම් දෙකේම තේරීම් කමිටුවලින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැතත්, ඉදිරි දින කිහිපයේ දී ඒ පිළිබද නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මීට පෙර වහබ් රියාස් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, පසුව මෙම වසර මුලදී ඔහුව එම ධූරයෙන් ඉවත් කෙරුණා. අනතුරුව ඔහුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස පමණක් නම් කෙරුණු අතර, තේරීම් කමිටුව සදහා ප්‍රධානීවරයෙකු නම් කිරීමට කටයුතු කළේ නැහැ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් තේරීම් කමිටුවේ බොහෝ තීරණවල පරස්පරතා තිබී ඇති බවට හදුනා ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය ඇතුළු විවිධ පාර්ශවකරුවන්ගෙන් ලැබී තිබූ ප්‍රතිචාර ද සලකා බලා වහබ් රියාස් හා අබ්දුල් රසාක් අදාළ තනතුරුවලින් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...