චමරි අතපත්තු රෝයල්ස් කණ්ඩායමට මිලදී ගැනේ

Date:

පසුගිය වසරේ දී කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනූ [WCPL] බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම විසින් 2024 අදියර සදහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

අතපත්තු මෙම වසරේ දී විස්සයි 20 ජාත්‍යන්තර තරග 12 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඇය රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 371 ක්. අතපත්තු විසින් එම තරගවලදී කඩුලු 13 ක් ද දවා ගත්තා.

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩිකා Georgia Redmayne ද මෙම වසරේ දී රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

එමෙන්ම එම කණ්ඩායම විසින් එළඹෙන තරග වාරය වෙනුවෙන් Hayley Matthews හා Amanda-Jade Wellington සිය සංචිතයේ රදවා ගැනීමට ද තීරණය කර තිබෙනවා.

Laura Harris, Chinelle Henry, Afy Fletcher, Aaliyah Alleyne හා Qiana Joseph යන ක්‍රීඩිකාවන් ද රෝයල්ස් සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඔවුන්ට සිය සංචිතය සම්පූර්ණ කර ගැනීම සදහා තවත් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු පමණක් අවශ්‍ය අතර, එම ක්‍රීඩිකාවන් මෙම මස අවසානයේ දී පැවැත්වෙන WCPL ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ (Draft) හෙවත් තෝරා ගැනීමේ අවස්ථාවේ දී රෝයල්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට තෝරා ගනු ඇති.

WCPL තරගාවලිය මෙම වසරේ දී ට්‍රිනිඩෑඩ්හී දී අගෝස්තු 21 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියට Trinbago Knight Riders, Amazon Warriors හා Royals යන කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Barbados Royals squad so far :

Hayley Matthews, Chamari Athapaththu , Amanda-Jade Wellington, Laura Harris, Georgia Redmayne, Chinelle Henry, Afy Fletcher, Aaliyah Alleyne, Qiana Joseph

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...