Euro 2024 : ස්පාඤ්ඤය අවසන් තරගයට ගෙන ගිය 16 හැවිරිදි යමාල්ගේ ඓතිහාසික ගෝලය (දර්ශන සහිතයි)

Date:

ජර්මනියේ පැවැත්වෙන යුරෝපා කුසලාන (Euro 2024) පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤය මෙරට වේලාවෙන් අද(10) අලුයම සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් ප්‍රංශය පරදා ගෝල 2-1 ක් ලෙස ජය වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමු ගෝලය ප්‍රංශය විසින් වාර්තා කළ පසුබිමකයි ස්පාඤ්ඤය විසින් මිනිත්තු පහක් තුළ ගෝල දෙකක් වාර්තා කරමින් තරගයේ පළමු අර්ධයේදීම පෙරමුණ ගැනීමට සමත් වුණේ.

තරගයේ 8 වැනි මිනිත්තුවේ දී Randal Kolo Muani ප්‍රංශය වෙනුවෙන් වාර්තා වූ ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

අනතුරුව ක්‍රියාත්මක වූ ආර්ජන්ටිනාවේ Lamine Yamal 21 වැනි මිනිත්තුවේ දී ද, Dani Olmo 25 වැනි මිනිත්තුවේ දී ද, ගෝලය බැගින් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කළා.

අදාළ ගෝලයත් සමග 16 හැවිරිදි Lamine Yamal ඉතිහාසගත වුණේ යුරෝපා කුසලාන තරගාවලියකදී හෝ පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී ගෝලයක් රැස් කළ වයසින් අඩුම ක්‍රීඩකයා ලෙසයි. (දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...