උදානගේ ප්‍රහාරය පසෙකලා චමිදුගේ දක්ෂතා දඹුල්ලට ජය ගෙනෙයි

Date:

චමිදු වික්‍රමසිංහගේ සටන්කාමී පිතිහරඹය හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද(9) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින්.

පන්දුවාර 18 ක් අවසානයේ දී ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 122 දී දැවී ගිය පසුබිමකයි සිය කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව කරා රැගෙන යාමට චමිදු සමත් වුණේ. ඔහු නොදැවී ලකුණු 56(34) ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 6ක් සමගින්.

19 වැනි පන්දුවාරය අවසන් වන තුරු ගාලු කණ්ඩායමේ අණසකට යටත්ව තිබූ මෙම තරගය සම්පූර්ණයෙන් කණපිට හැර වූ චමිදු ඉනිමේ අවසන් පන්දුවාරයේ දී සහූර් ඛාන්ට එරෙහිව ලකුණු 24 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

ලහිරු උදාර ලකුණු 26 ක් රැස් කළ අතර, කුසල් පෙරේරා ලකුණු 17 කටත්, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 16 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී කවිදු නදීෂාන් ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඉසුරු උදාන ලකුණු 16 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් මාර්වල්ස් පිලට පන්දුවාර 19.4 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.

කණ්ඩායමේ නම්දැරූ සියලු පිතිකරුවන් මෙම තරගයේ දී අසාර්ථක වූ අතර, ඉනිමේ 8 වැනි කඩුල්ල ලකුණු 62 දී දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව උත්සාහය අත් නොහැරූ ඉසුරු උදාන පන්දු 38 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් සමගින් ලකුණු 72 ක් ලබා ගනිමින් අවසන් පන්දුවාරය දක්වා විශිෂ්ඨ සටනක නිරත වුණා.

අවසන් පන්දුවාරය චමිදු වික්‍රමසිංහ විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ඉසුරු උදානගේ හා මහීෂ් තීක්ෂණගේ කඩුලු දවා ගනිමින් චමිදු සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. ඔහු ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කඩුලු දෙකක් දවා ගනිමින් ගාලු හඹා යාමට දැඩි තර්ජනයක් එල්ල කළා. ඔහුට අමතරව දුෂාන් හේමන්ත ද ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...