දිනුර, දිනිරු හා මහිත් බිද වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගනියි

Date:

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් ඊයේ(8) රාත්‍රියේ අවසන් වුණා.

ඒ වන විට Wormsley හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 177 ක්.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 42.4 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 37 ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ පසුබිමකයි ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට සමත් වුණේ.

ආරම්භක පිතිකරුවන් වූ පුලිදු පෙරේරා ලකුණු 13 කටත්, සදෙව් සමරසිංහ ලකුණු දෙකකටත් දැවී ගියා. ශරුජන් ශන්මුගනාදන් ලකුණු 10 යි. ගයන වීරසිංහ ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.

අනතුරුව නායක දිනුර කලුපහන හා මහිත් පෙරේරා 5 වැනි කඩුල්ලට ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගීම ආරම්භ කළා.

මහිත් පෙරේරා දැවී ගියේ ලකුණු 22 ක් ලබා සිටියදීයි. දිනුර කලුපහන නොදැවී ලකුණු 70 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ පන්දු 115 කින්. හයේ පහරක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිම වර්ණවත් කර තිබෙනවා.

දිනිරු අබේවික්‍රමසිංහ නොදැවී ලකුණු 35 (41) යි. දිනුර හා දිනිරු අතර මේ වන විට 6 වැනි කඩුල්ලට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 74 ක්.

පන්දු යැවීමේ දී AM French කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 56 ක් ලබා දෙමින්. N Sharma හා Alex Green කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...