ජේ ශාහ් ICC මුල් පුටුවට ? නිලවරණය ගැන අවසන් තීරණය කොළඹ දී

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික සමුළුව මෙම මාසයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූලි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම සමුළුවට අදාළ න්‍යාය පත්‍රයට මීළග සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය ඇතුළත්ව නොමැති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

නිලවරණය එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ වාර්ෂික මහා සභා රැස්වීමේ දී ගැනීමට නියමිතයි.

ඒ අනුව තමන්ට සභාපති ධූරය සදහා තරග කිරීමට අවශ්‍යදැයි තීරණය කිරීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ්ට තවත් මාස තුනක පමණ කාලයක් හිමිව තිබෙනවා.

නවසීලන්තයේ Greg Barclay මේ වන විට වසර 4 ක් පුරා අයි.සී.සී සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඔහුට අවශ්‍යනම් යළිත් වරක් සභාපතිධූරය සදහා පත් වීමේ අවස්ථාව ද පවතිනවා.

කෙසේ වෙතත්, ජේ ශාහ් එම ධූරයට තරග කර ඉන් ජය ගතහොත් ඔහු එම තනතුරට පත් වූ වයසින් අඩුම පුද්ගලයා ලෙස ඉතිහාසගත වනු ඇති.

මේ අතර, මේ වන විට සභාපතිවරයෙකුට පවතින වසර දෙකක ධූර කාලය වසර තුනක් දක්වා දීර්ඝ කිරීමටත්, සභාපතිධූරය දැරිය හැකි වාර ගණන තුනේ සිට දෙක දක්වා අවම කිරීමටත් අයි.සී.සීය කටයුතු කර ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...