වෙනස්කම් රැසක් සමග දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

පෙබරවාරි මාසයට යෙදී තිබූ නවසීලන්ත තරග සංචාරයට එක් වූ දෙවන පෙල දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් අතරින් කොදෙව්වන්ට එරෙහි තරගාවලියට නම් කර ඇත්තේ David Bedingham, Dane Paterson හා Dane Piedt පමණයි.

ටෙස්ට් සංචිතයට පළමු වරට Matthew Breetzke නම් කර තිබීම ද විශේෂත්වයක්.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් සංචිතයට Ryan Rickelton යළි කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක මාර්කෝ ජන්සෙන් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, අන්රික් නොකියා සංචිතයට නම් කර නැහැ.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 7 වැනිදා ට්‍රිනිඩෑඩ් හී දී ආරම්භ වීමට නියමිතයි.

South Africa Test squad

Temba Bavuma (c), David Bedingham, Matthew Breetzke, Nandre Burger, Gerald Coetzee, Tony de Zorzi, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Lungi Ngidi, Dane Paterson, Dane Piedt, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton, Kyle Verreynne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...