රීසාගේ සටන අපතේ යවමින් පැතුම් හා අවිශ්ක ජැෆ්නා කිංග්ස් පිලට ජය ගෙනෙයි

Date:

පැතුම් නිස්සංකගේ හා අවිශ්ක ප්‍රනාන්දුගේ අර්ධ ශතක හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 30 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

මෙම ජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වීමට ද සමත් වුණා. දඹුල්ල කණ්ඩායම අවසන් ස්ථානයේ රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත් වෙමින්.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල සික්සර්ස් පිලට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු ‍188 ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 50 කින් ලකුණු 80 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 9ක් සමගින්.

කුසල් පෙරේරා ලකුණු 16 කටත්, ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකටත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 16 කටත් දැවී ගියා. මාර්ක් චැප්මන් ලකුණු 30 (17) යි. ‌නායක මොහමඩ් නබී ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 20 යි.

පන්දු යැවීමේ දී ටබ්රයිස් ශම්සි ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 25 කට කඩුලු 2ක් බිද හෙලුවා. ප්‍රමෝද් මදුෂාන් කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 48 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඉනිම වෙනුවෙන් අනර්ඝ පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 88 ක් ලබා ගත්තේ පන්දු 53 කින්. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 9ක් ඇතුළත්. කුසල් මෙන්ඩිස් ලකුණු 18 කට දැවී ගිය අතර, රයිලි රොසෝව් ලකුණු 12 යි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30 කින් ලකුණු 57 ක් රැස් කළා. ඒ, හයේ පහර 5 ක් හා හත‌රේ පහර 3 ක් සමගින්. චරිත් අසලංක ලකුණු 13 කට දැවී ගියා. අස්මතුල්ලාහ් ඔමර්සායි පන්දු 6 කින් නොදැවී ලකුණු 19 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සමගින්.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 39 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...