Watch : LPL ඉතිහාසයේ විශිෂ්ඨතම උඩ පන්දුවට ලබා දුන් මතභේදාත්මක විනිසුරු තීන්දුව

Date:

2024 ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්න අද(6) සමත් වූ නමුත්, එය නොදැවී යාමක් ලෙස තෙවන විනිසුරු විසින් මතභේදාත්මක තීරණයක් ලබා දීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

LPL ඉතිහාසයේ දී පන්දු රකින්නෙකු රැක ගත් අනර්ඝම උඩ පන්දුව ලෙස පවා ඉතිහාසගත වීමට අවස්ථාව පැවැති මෙම උඩ පන්දුව චාමික රැක ගත්තේ කැන්ඩි ෆැල්කන්ස් පිතිකරු මොහමඩ් හැරිස් එල්ල කළ පහරකින් පසුවයි.

ශඩාබ් ඛාන් යොමු කළ පන්දුවකට එරෙහිව එල්ල කළ එම පහරින් පසුව ඉහළින් ඇදී ආ උඩ පන්දුව එක් අතකින් දක්ෂ ලෙස රැක ගැනීමට චාමික සමත් වුණා.

කෙසේ වෙතත්, පුනරූපන නැරඹීමෙන් පසුව තෙවන විනිසුරු තීරණය කළේ උඩ පන්දුව රැක ගෙන සම්පූර්ණ කිරීමට පෙර පන්දුව යම්තමින් හෝ පිටියේ ස්පර්ශ වූ බවට අනුමාන කළ හැකි බැවින් එය නොදැවී යාමක් ලෙස නම් කිරීමටයි.

කෙසේ වෙතත්, පන්දුව පිටියේ වැදුණු බවට පැහැදිලි සාධක දැක ගත හැකි දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කර සිටිනවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...