ඔමර්සායිගේ තුන් ඉරියව් දක්ෂතා හා රොසෝව්ගේ 67 හමුවේ සෙයිෆර්ට්ගේ ශතකය අපතේ යයි

Date:

ටිම් සෙයිෆර්ට්ගේ නොදැවුණු ශතකය අපතේ යවමින් අස්මතුල්ලාහ් ඔමර්සායිගේ තුන් ඉරියව් දක්ෂතා හා රයිලි රොසෝව්ගේ අර්ධ ශතකය හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ටිම් සෙයිෆර්ට් පන්දු 63 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 104 ක්. හයේ පහර 6 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

භානුක රාජපක්ෂ ලකුණු 28 කටත්, ඇලෙක්ස් හේල්ස් ලකුණු 23 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ප්‍රමෝද් මදුෂාන් හා ෆේබියන් ඇලන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක ලකුණු 12 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 30 කටත් දැවී ගියා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 14 යි. ඇලෙක්ස් රෝස් රැස් කළේ ලකුණු 13 ක් පමණයි.

අනර්ඝ පිතිහරඹයක නිරත වූ රයිලි රොසෝව් හයේ පහර 3ක් හා හතරේ පහර 8 ක් සමගින් පන්දු 42 කින් ලකුණු 67 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

අස්මතුල්ලාහ් ඔමර්සායි නොදැවී ලකුණු 35(13) ක් හා චරිත් අසලංක නොදැවී ලකුණු 14(8) ක් ලබා ගනිමින් කිංග්ස් පිලට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී සහූර් ඛාන් ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ඩ්වේයන් ප්‍රෙටෝරියස්, ඉසුරු උදාන හා මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...