හසරංග සමග පාන්ඩ්යා සම තැනට පත් වෙයි

Date:

අයි.සී.සී පන්දුවාර විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සම පළමු ස්ථානයට පත් වීමට ඉන්දියාවේ හර්ඩික් පාන්ඩ්යා සමත්ව තිබෙනවා.

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙනුයි ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමගින් ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවනවා.

ලෝක කුසලාන තරගාවලියේ දී පාන්ඩ්යා ලකුණු 144 ක් ලබා ගත් අතර, දවා ගත් කඩුලු ගණන 11 ක්. විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පත් වූ පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙසයි හර්ඩික් පාන්ඩ්යා ඉතිහාසගත වුණේ.

මේ අතර, විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා සමත්ව තිබෙනවා.

ඒ, නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු කඩුලු 15 ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතා හේතුවෙන්. තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔහුයි.

මීට අමතරව කුල්දීප් යාදව් සම 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද, අර්ෂ්දීප් සිං 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද, දකුණු අප්‍රිකවේ අන්රික් නොකියා දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...