ශඩාබ්ගේ කඩුලු ත්‍රිත්වය හා දුනිත්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ කොළඹට ලකුණු 51 ක ජයක්

Date:

කඩුලු ත්‍රිත්වයක් සමග ශඩාබ් ඛාන් දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීම හා දුනිත් වෙල්ලාලගේගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදා ලකුණු 51 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 198 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් කණ්ඩායමට පන්දුවාර 15.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

ඉනිමේ 15 වැනි පන්දුවාරයේ අවසන් පන්දු තුනේ දී පිළිවෙලින් වනිදු හසරංග, ආගා සල්මන් හා පවන් රත්නායක දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කළ ශඩාබ් ඛාන් මෙම තරගයේ දී පන්දුවාර 4 තුළ දී ලකුණු 22 කට දවා ගත් කඩුලු ගණන 4 ක්. මහනුවර ඉනිමේ අවසන් කඩුලු හය ලකුණු 7 ක් තුළ බිද වැටීම ද කැපී පෙනුණා. (දර්ශන පහතින්)

දුනිත් වෙල්ලාලගේ ලකුණු 20 කට කඩුලු 4 ක් දවා ගනිමින් මහනුවර ඉනිම අඩපන කළා. ඇන්ජෙලෝ මැතිව්ස් 14 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ලකුණු 25(20) කට දැවී යන විට මහනුවර කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා අවශ්‍යව තිබුණේ පන්දු 36 කින් ලකුණු 59 ක් පමණයි.

කෙසේ වෙතත්, 15 වැනි පන්දුවාරයේ දී ශඩාබ් ඛාන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමත් සමග තරගයේ සම්පූර්ණ පාලනය කොළඹ කණ්ඩායම නතු වුණා.

මහනුවර වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 38 ක්, නායක වනිදු හසරංග ලකුණු 25 ක් හා අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 24 ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම පන්දු 26 කින් ලකුණු 48 ක්, නායක තිසර පෙරේරා පන්දු 30 කින් ලකුණූ 38 ක් හා මුහම්මද් වසීම් පන්දු 18 කින් ලකුණු 32 ක් ලබා ගත්තා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 25 (10) යි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 56 කට කඩුලු 2 ක් හා වනිදු හසරංග ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...