හේල්ස්ගේ හා සහූර්ගේ දක්ෂතා හමුවේ ගෝල් මාර්වල්ස් පිලට අවසන් පන්දුවේ දී තියුණු ජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය‌ේ දෙවැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 177 ක් ලබා නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නිරෝෂන් දික්වැල්ල පන්දු 27 කින් ලකුණු 47 ක් හා ඇලෙක්ස් හේල්ස් පන්දු 47 කින් ලකුණු 65 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට පන්දුවාර 7.1 ක් තුළ ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 66 ක්. ටිම් සෙයිෆර්ට් ලකුණු 10 කටත්, භානුක රාජපක්ෂ ලකුණු 13 කටත්, ජනිත් ලියනගේ ලකුණු 25 (13) කටත් දැවී ගියා.

ඩ්වේයන් ප්‍රෙටෝරියස් නොදැවී ලකුණු 9ක් හා සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 5 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රහනය කරා රැගෙන ගියා. අවසන් පන්දුවට තරගය ජය ගැනීමට මාර්වල්ස් පිලට ලකුණු 3ක් අවශ්‍ය වූ පසුබිමක සහන් ආරච්චිගේ හතරේ පහරක් එල්ල කරමින් ගාලු පිලට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු හා ෆේබියන් ඇලන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 59(48) ක් හා පැතුම් නිස්සංක ලකුණු 51(33) ක් රැස් කළා. නායක චරිත් අසලංක ලකුණු 33(15) යි.

පන්දු යැවීමේ දී සහූර් ඛාන් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඩ්වේයන් ප්‍රෙටෝරියස් හා ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවා ගත්තා. උදාන යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 60 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...