බාර්බඩෝස්හි සිරවී සිටින ඉන්දීය කණ්ඩායම ඉන්දියාවට ගෙන්වා ගන්න කෙටි සහන කාලයක්

Date:

සුළි කුණාටුවක් හේතුවෙන් ඉන්දියාවට පැමිණීමට නොහැකිව සිටින 2024 පන්දුවාර විස්සයි 20 ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ‌කොදෙව් වේලාවෙන් අගහරුවාදා පස්වරුවේ දී විශේෂ ගුවන් යානයකින් එරටින් පිටත්ව ඉන්දියාව බලා පැමිණීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

බාර්බඩෝස් අග්‍රාමාත්‍ය Mia Mottley සදහන් කර ඇත්තේ ඉදිරි පැය 6 – 12 අතර කාලයේ දී ගුවන් ගමන් කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වනු ඇති බවයි.

ලෝක ශූරතාවය දිනූ ඉන්දීය සංචිතය, පුහුණුකරුවන්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හා ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයින් පසුගිය දින කිහිපය තුළ බාර්බඩෝස්හි සිර වී සිටින්නේ සිව්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන බෙරිල් සුළි කුණාටුව හේතුවෙන්.

ඔවුන් අගහරුවාදා කොදෙව් වේලාවෙන් පස්වරු 6.00 ට Bridgetown නුවරින් පිටත්ව යාමට නියමිතව ඇති බවත්, බදාදා ඉන්දීය වේලාවෙන් පස්වරු 7.45 ට දිල්ලි නුවරට ළගා වීමට නියමිතව ඇති බව සදහන්.

ඉන්දීය කණ්ඩායම කඩිනමින් කොදෙව් දූපත්වලින් ඉවත් කර ගැනීමට බළධාරීන්ට මේ වන විට සිදුව ඇත්තේ බදාදා දිනයේ දී තවත් සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වන බවට අනාවැකි පලව තිබීම හේතුවෙන්.

මේ අතර, ඉන්දීය සංචිතය සමග රැදී සිටින රින්කු සිං, යශස්වි ජයිස්වාල්, ශිවම් ඩූඩේ, කලීල් අහ්මඩ් හා සංජු සැම්සන් යන ක්‍රීඩකයින් ඉන්දියාව බලා පැමිණීමට කටයුතු නොකරන අතර, ඔවුන් සිම්බාබ්වේ වෙත පිටත් යාමට නියමිතව ඇත්තේ තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහායි.

එම තරගාවලියට ක්‍රීඩා කරන සෙසු ඉන්දීය ක්‍රීඩකයින් අද(2) දිනයේ දී ඉන්දියාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...