දිනේෂ් කාර්තික්ට අලුත් තනතුරක්

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිරිමි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු හා පිතිකරණ උපදේශක ලෙස හිටපු ක්‍රීඩක දිනේෂ් කාර්තික් පත් කර තිබෙනවා.

කාර්තික් 2024 වසර දක්වා බැංගලූරු කණ්ඩායම නියෝජනය කළ අතර, 2024 අදියරෙන් පසුව ඔහු ක්‍රිකට් පිටියෙන් සමු ගත්තා.

2022 අදියරට අදාළව පැවැති ක්‍රීඩක වෙන්දේසියේ දී RCB කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත් අතර, ඊට පෙර ද 2015 වසරේ දී ද කාර්තික් එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

2024 අදියරේ දී ඔහු ඉනිම 13 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්. අයි.පී.එල් පිටියේ දී ඔහු RCB කණ්ඩායම වෙනුවෙන් තරග 60 ක් ක්‍රීඩා කර එහිදී ලකුණු 937 ක් ලබා ගත්තා.

RCB නියෝජනය කරමින් ඔහු උඩ පන්දු 36 ක් රැක ගෙන ඇති අතර, ස්ටම්ප් කිරීම් 9 ක් ද සාර්ථක කර ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...