දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 30 ක පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 30 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.

Hove හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 360 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 330 ක් පමණයි.

පුලිදු පෙරේරා ලකුණු 64(59) ක් හා ගයන වීරසිංහ ලකුණු 57(42) ක් රැස් කළා. ප්‍රවීන් මනීෂ ලකුණු 38 යි. පන්දු යැවීමේ දී Luc Benkenstein ලකුණු 77 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු Freddie McCann ලකුණු 174 ක් ලබා ගත්තේ පන්දු 139 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 22 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී දිනුර කලුපහන ලකුණු 81 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ඒ අනුව ‌කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...