රියාන්ගේ නර්තනය මධ්‍යයේ ඇරඹි තෙවාටියා – කලීල් – වෝනර් ගැටුම

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් පසුව ඇති වූ සිදුවීමක් පිළිබද මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

තරගය ජය ගැනීම සදහා රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලකුණු 159ක ඉලක්කයක් හයිදරාබාද් පිල ලබා දුන් අතර, එය ඉනිම අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී පසුකර යාමට රාජස්ථාන් කණ්ඩායම සමත්වුණේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඉනිම කඩා වැටුණු අවස්ථාවක 6 වැනි කඩුල්ල සදහා ලකුණු 85ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට මෙම තරගයේ දී රාහුල් තිවාටියා සහ රියාන් පරග් සමත් වුණා.

ජයග්‍රහනයෙන් අනතුරුව රියාන් පරග් අමුතු නර්තනයකින් එය සමරනු ලැබූ ආකාරය ද කාගේත් අවධානයට යොමු වුණා.

රාහුල් තිවාටියා සහ අවසන් පන්දුවාරය යොමු කළ කලීල් අහ්මඩ් මෙන්ම සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් අතර උණුසුම් වචන හුවමාරුවක් ද එම අවස්ථවේ දී ම හට ගත්තා.

අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවෙන් පසුවයි කලීල් අහ්මඩ් සහ රාහුල් තිවාටියා අතර මෙම වචන හුවමාරුව පළමුව ආරම්භ වුණේ.

තරගය නිම වීමෙන් පසුව ඊට නායක ඩේවිඩ් වෝනර් ද මැදිහත් වූ අතර, එය පාලනය කිරීමට පිටියේ විනිසුරුවන් ද එක්ව සිටිනු දක්නට ලැබුණා.

එම සිද්ධීන්ට අදාළ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...