නවකයින් දෙදෙනෙකු සමග එංගලන්ත සංචිතය නම් කෙරේ

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Dillon Pennington හා Jamie Smith පළමු වරට ජාතික සංචිතයට නම් කර තිබෙනවා.

Jamie Smith කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස ද කටයුතු කරන අතර, මෙම සංචිතය සදහා බෙන් ෆෝක්ස් හා ජොනී බෙයාර්ස්ටව් නම් කර නැහැ.

ජැක් ලීච්, මාර්ක් වුඩ් හා ඔලී රොබින්සන් යන ක්‍රීඩකයින්ට ද සංචිතයේ ස්ථාන හිමිව නැහැ. 2023 ජූලි මාසයෙන් පසුව පළමු වරට ක්‍රිස් වෝක්ස් ටෙස්ට් සංචිතයට නම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූලි 10 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, පළමු ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට ද නියමිතව තිබෙනවා.

England Test squad:

Ben Stokes (c), James Anderson (First Test only), Gus Atkinson, Shoaib Bashir, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Dillon Pennington, Ollie Pope, Matthew Potts, Joe Root, Jamie Smith, Chris Woakes

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...