ලෝක ශූරතාවය දිනූ ඉන්දියාවට ඉන්දියාවෙනුත් දැවැන්ත මූල්‍ය ත්‍යාගයක්

Date:

2024 T20 ලෝක කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායමට දැවැන්ත මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් නිවේදනය කළේ ඉන්දීය කණ්ඩායම සදහා ඉන්දීය රුපියල් කෝටි 125 ක මූල්‍ය ත්‍යාගයක් ලබා දීමට තීරණය කර ඇති බවයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 458 ක පමණ වටිනාකමක් වනවා.

ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 75 ක්) මූල්‍ය ත්‍යාගයක් ද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමනු ලැබුවා.

ඊට අමතරව ඔවුන් මූලික වටයේ දී හා සුපිරි 8 වටයේ දී ජය ගත් සෑම තරගයක් වෙනුවෙන්ම ඉන්දීය කණ්ඩායමට ඩොලර් 31,154 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 95 ක් පමණ) මූල්‍ය ත්‍යාගයක් ද හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...