ජඩේජා T20 ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව 2024 පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් දිනක් ගතව ඇති පසුබිමකයි ඔහු ඒ බව නිවේදනය කළේ.

මීට පෙර ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් පසුව නායක රෝහිත් ෂර්මා හා විරාත් කෝලි ද ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කළා.

අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව අදහස් දක්වමින් කෝලි ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දීම නිවේදනය කළ අතර, තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනුයි රෝහිත් ෂර්මා සිය සමු ගැනීම තහවුරු කළේ.

ජඩේජා අද දිනයේ දී සිය සමාජ මාධ්‍ය ගිණුම්හි සටහනක් තබමින් විස්සයි 20 පිටියට සමු දීම නිවේදනය කළා.

විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්ත ද ඔහු තවදුරටත් ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කරනු ඇති.

විස්සයි 20 ජාත්‍යන්තර තරග 74 ක් ක්‍රීඩා කර ඇති 35 හැවිරිදි ජඩේජා එහිදී ලකුණු 515 ක් හා කඩුලු 54 ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ සියලු තරග සදහා ද ඔහු ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...